Keyboard, Mouse නැතුව කටහඩින් විතරක් computer එකෙන් වැඩ කරමුද?




ඔය උඩ ඉන්න අක්ක දිහා බල බල ඉන්නෙ නැතුව post එක කියවන්ඩෝ.....!

මුලින්ම කියන්න ඕනෙ මේක windows 10 එකේ තියෙන cortana එහෙම නෙවෙයි. මේක හුගක් windows වල තියෙන built-in software එකක්. ගොඩක් කට්ටිය මෙහෙම එකක් තමන්ගෙ computer එකේ තියෙනවද කියලවත් දන්නෙ නැතුව ඇති ! 😜


Software එක තමයි Windows Speech Recognition . මේකෙන් cortana ගෙන් කරගන්න පුලුවං ගොඩක් දේවල් කරගන්න පුලුවං. Cortana තරම් දියුණු නැති වුනත් එල soft එකක්. අපිට ඕනෙම එකක් open කරගන්න, close කරන්න වගේම type කරන්නත් මේකෙන් පුලුවං. පට්ට නේ?😀

දැන් අපි බලමුකො මේකෙන් වැඩ ගන්න හැටි. මේකට ඔයාට ඕනෙ,

  • Computer එකක්
  • mic එකක් තියෙන Headphone එකක් / Microphone
  • ඔයාගෙ කටහඩ 

දැන් මුලින්ම search ගිහින් Windows Speech Recognition කියල type කරල ඒක open කරගන්න. මේක install කරන්න ඕනෙ නෑ Windows built-in software එකක් නිසා.

ඊට පස්සෙ පොඩි setup එකක් වගේ එයි. ඒක ඉතින් කරගන්න පුලුවන්නෙ. ඒකෙ වැඩ ඉවර වුනහම මෙන්න මේ විදිහට ඔයාගෙ software එක open වෙයි.



සමහර වෙලාවට ඒක off වෙලා තියෙයි. Right click කරල on කරගන්න. ඊට පස්සෙ ඉතින් මොකක් හරි ඉංග්‍රීසියෙන් කියල බලන්නකො. එතකොට ඒක open වෙයි. කියන එකක් පොඩ්ඩක් පැහැදිලිව කියන්න. රහස් කියන්න ගියොත් නං හරියන්නෙ නෑ.

😜ඔයා ඉංග්‍රීසි කියවන සද්දෙ ඇහිල වටපිට මිනිස්සු ඔයාට පිස්සු කියල හිතන එකට මම වග කියනු නොලැබේ!😛

සමහර windows version වල මේ feature එක නැති වෙන්න පුලුවන්. එහෙම කට්ටිය අවුලක් ගන්න එපා. මම ඔයගොල්ලන්ට මේකට හරියන එල software එකක් දෙන්නංකො පස්සෙ.

 හැමෝටම සුබ දවසක් !

Comments

Popular posts from this blog

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම

facebook photo like වැඩි කරගමු

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....