"USB Port" අද වනවිට ඔබ එදිනෙදා ජීවිතයේදී ඔබේ පරිගණකය සමග විවිධ උපකරණ සම්බන්ධ කිරීමට වැඩි වශයෙන්ම යොදාගන්නා සම්බන්ධකය (connector) USB වී හමාරය. බොහෝ විට මේ අතරින් USB flash drive (Pen Drive) උපකරණය විශේෂ තැනක් හිමිකරගනී. මීට අමතරව ඔබේ Smartphone එක, Tablet PC, WebCam, Portable Hard Drive වැනි විව්ධ උපකරණ පරිගණකයත් සමග සම්බන්ධ කරගැනීමට USB port එක ඔබට උපකාරී වේ. නමුත් 21 වන සියවසේ ජීවත් වන අපට මෙතරම් ම සමීප මෙම USB නම් වූ අද්විතීය තාක්ෂණයට 1990 දශකය තරම් දුරකට දිවෙන අතීතයක් හිමි බව ඔබ දන්නවාද? USB හි ආරම්භය, සංවර්ධනය, ක්‍රියාකාරීත්වය සහ අද වන විට ගොඩනගාගෙන ඇති විශිෂ්ඨ ප්‍රතිරූපය පිළිබඳව මදක් අවධානය යොමු කර බලමු. USB යනු USB යන්නෙන් Universal Serial Bus (සාර්වත්‍ර අනුක්‍රම නියමග) යන්න අර්ථවත් වේ. 1990 දශකය මැද භාගයේදී USB නමින් සම්මතයක් නිපදවීමේ ප්‍රධාන අරමුන වූයේ එවකට පරිගනක අතර දත්ත සන්නිවේදනයට යොදාගත් විවිධ වූ රැහැන් වර්ග (cables), සම්බන්ධක (connectors) සහ සන්නිවේදන නියමාවලීන් (communication protocols) වෙනුවට එක් සම්මත අතුරුමුහුනතක් (interface...