Posts

Showing posts from August 14, 2017

අනුන්ගේ Password උස්සමුදෝ.....පරෙස්සමෙන් ඈ....

Image
ආසයිද අනුන්ගේ Save කරලා තියන Password මොනවද කියලා හොයා ගන්න. Google Chrome වලින් මෙක කරන හැටි තමයි පොඩ්ඩක් පෙන්නන්න යන්නේ..හැබැයි මේකෙන් පුළුවන් Save කල එව්වා විතරයි හොඳේ. ඉස්සෙල්ලාම කියන්නම්කො තමත් Save කල Password එකක් බලා ගන්නෙ කොහොමද කියලා. එහෙනම් ඉතින් නමෝවිත්තියෙන්ම Google Chrome එකේ දකුණු පැත්තෙ උඩ කෙරෝලෙම තියන  මෙන්න මේක Click කරල Settings වලට යන්න. එතකොට එයි මෙන්න මෙහෙම එකක්... ඔතන ඔය මම 1 න් ලකුණු කරලා Password කියලා Type කරන්න. එතකොට එයි මෙන්න මේ වගේ එකක්..නැත්නම් Show Advanced Settings කියලා ඇති යට ඒක Click කරන්න.. දැන් ඔය මම 2න් ලකුණු කරලා තියන තැන තියන Manage saved password Click කරන්න... එතකොට එයි මෙන්න මේ වගේ එකක්... දැන් ඉතින් ඔය මම රතු පාටින් කොටු කරලා තියන තැන තියන Show කියන එක Click කලාම ඔයා Save කල  Password එක ඔයාටම බලාගන්න පුළුවන්.... හරි දැන් මේ කිව්වේ තමන්ගේ ඒවා බලා ගන්න හැටිනේ....අද ප්‍රධාන කතාව කොහොමද අනුන්ගේ ඒවා බලාගන්නේ..(Password හොඳේ...) අපි මෙහෙම Save කරන  Password  කොහේ හරි මතක තියාගන්නවත් ඇ...

යාළුවන්ව බය කරමුදෝ....

Image
දැන් පොඩි ආතල් වැඩක්. යාළුවගේ කොම්පියුටරේට වෛරස් ඇවිත් කියලා බය කරමුද??????? හරි මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලම ඔයාගේ එකේ කරගෙන බලන්නකෝ.  මෙහෙමයි ඔයාගෙ යාළුවා වැඩියෙම්ම පාවිච්චි කරන Desktop Icon එකට මේකකලානම් වැඩේ ගොඩ. අපි හිතමු Google Chrome කියලා. එහෙනම් ඒ Icon එක delete කරන්න. ඊට පස්සේ එතන Shortcut එකක් හදා ගන්න. ඒක කරන්න දන්නවනේ..Right click--New--Shortcut.ඔන්න ඔහොමහරිය.  short cut එකක් හදනකොට අහනවනේ location එක මොකක්ද කියලා හරියට මේ වගේ ඉතින් එහෙම ඇහුවාම ඔතනට දෙන්න මෙන්න මේක... C:\WINDOWS\system32\shutdown.exe -r -t 00      හරිය. ඊට පස්සේ ඕක Next කලාම Name එකක් දෙන්න කියයි ඒකට chrome කියලා දෙන්න. දැන් හරි. දැන් chrome කියලා Icon එකක් Desktop එකේ ඇති. ඒක Right Click කරලා  Properties ගිහින් Change Icon එකෙන් chrome Icon එකක් දාන්න. දැන් නිකන් ඇත්තම chrome icon එක වගේ ඇති. දැන් ඕක කවුරුහරි Double Click කල ගමන් මොකද වෙන්නේ.. Computer එක Restart වෙනවා. Desktop එකේ Icon ඔක්කොටම ඕක කලොත් යාළුවා මොකක් Click කලත් Restart වෙනවා. ඔයිකේ. ...

Google අල්ලේ නටවමු...

Image
උදේ ඉඳන් පස්ට වැස්ස. ඇත්තම කිව්වොත් ඒ තරම්ම වැස්සකුත් නෑ. තවත් ඇත්තම ඇත්තක් කිව්වොත් මේ වෙලාවෙනම් පායලා. හැබැයි උදේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකම වැස්සා.ඒත් දැන් පායලා හරිය. :D ඔන්න ඔහොම වැස්සයි පෑවිල්ලයි අතරේ මංමුලා වෙලා ඉද්දි තමා මේ පෝස්ටුව ලියන්ඩ කල්පනා උනේ ඈ. ඇත්තම කියනවනම් එහෙම මංමුලා වෙලා ඉන්නකොටත් වඩා ගූග්ල් දෙයියන්නාන්සේ එක්ක එක්කහු වෙලා ඕමියක් ගගහා ඉද්දි තමා මේක ලියන්ඩ ඕනියි කියලා හිතුනේ. පස්සේ ආයි හිතුනා එක්කෝ ඕනි නෑ ලියන්නෑ කියලා. ඒ මොකද අද මේ දාන එව්වා ගොඩක් අය දන්නවා. සමහරු ඔක්කොම වගේ දන්නවා. සමහරු ටිකක් විතර දන්නා. සමහරු දන්නෙම නෑ. හැබැයි ඔක්කොම දන්න උන්නම් ඉන්නේ බොහොම පොඩ්ඩයි ඒක සුවර්. දැන් ඒ දන්න එවුන් කටවහන් හිටු. අනිත් උන් උඩ බලන් හිටු. Google Search එක කියන්නේ කොම්පීතරේ ලඟට වෙලා ඉන්ටනෙට් ලොග් වෙන අපි වගේ අන්තර්ජංජාල සයිකොලෝබියාව හැදිච්ච උන්ට සිතූ පැතූ සැප සම්පත් දෙන අකාල සන්ධ්‍යවක පහල වෙච්ච කප් රුකක් නොවැ. මීට කලින් ඔය ගූග්ල් දෙයියන්නාන්සෙව මෝල් කරලා ඒකා අපිට පෙන්නන්නැතුව තනියෙන් බලන  මෙව්වා  බලන හැටි ගෙනාවා මතකනේ. ආන්න ඒ වගේ ගූග්ල් දෙයියන්ව පිස්සු වට්...