Google Chromeවල සැගවුනු Game !



ඔයගොල්ලන්ගෙන් Google Chrome පාවිච්චි කරන්නෙ කවුද? අනිව ඔය හැමෝම පාවිච්චි කරනව ඇති! පාවිච්චි කරන්නෙ නැත්නං ඉතින් බොරුවට චොර වෙන්නෙ නැතුව ෂේප් එකේ මාරු වෙලා යන්න. මොකෝ, Google Chrome පාවිච්චි කරන්නෙ නැත්නං වැඩක් තියේයැ?

trex_runner


ඔයගොල්ලො Google Chrome එකට internet නැති වෙලාවක ගියාම අනිවාර්යයෙන්ම මේ Dinosaur ව දකිනව ඇතිනේ... එතකොට ඉතින් ඔයාලට එකසිය ගානට නගිනවත් ඇතිනේ.... 😠 මොකෝ, internet වැඩ නෑනැ. ඒත් මේ ලස්සන Dinosaur යාලුවගෙන් පොඩි game එකක් ගහන්න පුලුවන් කියල දන්නෙ කවුද? ඔයාල දන්නෙ නැත්නම් මෙන්න මෙහෙමයි මේ game එක ගහන්නෙ !


මුලින්ම internet එක disconnect කරන්නකො. දැන් Google Chrome එකට යන්න. එතකොට ඔයාට අර මම කලින් කිවුව Dinosaur ව දැකගන්න පුලුවන් වෙයි. එහෙම ආවෙ නැත්නම් එක්කො refresh කරන්න. නැත්නං මොකක් හරි search කරන්න.

දැන් ඔයාට කරන්න තියෙන්න up arrow key එක ඔබන්න විතරයි. ඔන්න එතකොටම අපේ ඩයිනසෝර් යාලුව උඩ පනියි. ඔයාට කරන්න තියෙන්නෙ ඉස්සරහින් තියෙන පතොක් ගස් උඩින් පනින්න තමයි.

උඩ පනින්න ඔනෙ නම් up arrow හරි space key එක හරි ඔබන්න. ටික දුරක් යනකොට එපාකරපු කුරුල්ලො කට්ටියකුත් එයි. එතකොට ඉතින් පාත් වෙල තමයි යන්න වෙන්නෙ. ඒකට down arrow එක ඔබන්න.

ඔයා මේ පතොක් ගහක හරි කුරුල්ලෙක්ගෙ හරි වැදුනොත් ඉතින් GAME OVER තමයි! මගේ නම් High Score එක 3200 ගානක්. ඔයාගෙ High Score එකත් මට කියන්නකෝ.

මම ඊළග පෝස්ට් එකෙන් කියල දෙන්නම්කො මේ game එක hack කරන හැටි!එහෙනම් අදට මම ගියා. හෙටත් පට්ට පොස්ට් එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්කෝ... යාලුවන්ටත් මේ blog එක ගැන කියන්න අමතක කරන්න එපා හොදේ.....!

                                                  හැමෝටම සුබ දවසක් !

Comments

Popular posts from this blog

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම

facebook photo like වැඩි කරගමු

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....