Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම




හැමෝටම ආයුබොවන්! ඔන්න එහෙනම් අපි හැමෝම අහන්න කැමති දෙයක් ගැන කියන්න හිතුව. ඔව්, ඔය මාතෘකාවෙ තියෙන්නෙ. "Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux" !!!
Kali Linux කියල අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ Hack කරන්න පුලුවන් කියලනෙ. ඒත් ඉතින් මේක Hack කරන්න හදපු OS එකක් නෙවෙයි. මේක හදල තියෙන්නෙ system වල අඩුපාඩු එහෙමත් නැත්නම් vulnerabilities හොයන්න තමයි මේ මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නෙ. මේකෙන් Hack කරන්න පුලුවන් කියන්නෙ මේකෙන් ගොඩක් system වල අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩු මාර්ගයෙන් තමයි hack කරන්න පුලුවන් වෙන්නෙ.


හොදයි එහෙනම්. මුලින්ම මේ මෙහෙයුම් පද්ධතියෙ පසුබිම ගැන කතා කරමු. මේකත් Debain මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නෙ Linux, Ubuntu, Redhat වගේ තමයි. ඔය OS වල වගේම මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ ගොඩක් වෙලාවට terminal එකත් එක්ක. GUI මෘදුකාංග ඇත්තෙම නෑ. පහල දැකගන්න පුලුවන් ඔයාට Kali Linux වල Desktop එක.



දැන් මේකෙ තියෙන ඔය hack කරන්න පුලුවන් කියන පට්ටම software ටික ගැන දැනගමු. මේකෙ තියෙන මෘදුකාංග ප්‍රධාන කොටස් 13 කට බෙදල තියෙනව.


  1. Information Gathering
  2. Vulnerability Analysis
  3. Web Application Analysis
  4. Database Assessments 
  5. Password Attacks
  6. Wireless Attacks
  7. Reverse Engineering
  8. Exploitation Tools
  9. Sniffing and Spoofing
  10. Post Exploitation
  11. Forensics
  12. Reporting Tools
  13. Social Engineering Tools
ඒ වගේම මේව ඇතුලෙ ගොඩක් ප්‍රසිද්ධ මෘදුකාංග තියෙනව. ඒව සමහරක් තමයි,

  • Nmap
  • Burpsuit
  • Aircrack-ng
  • Metasploit
  • sqlmap
  • Jonny
  • SET
                                                            

වගේ තවත් ගොඩක් හොඳ software තියෙනව. මේ හැම එකක්ම hack කරන්න ගොඩක් ප්‍රයෝජනවත්. මේව වලින් කරන්න තියෙන්නෙ hack කරන එක නෙවෙයි තමයි. එ වුනාට මේ tools තමයි හැම hacker කෙනෙක්ම වගේ පාවිච්චි කරන්නෙ system එකක දුර්වලතා අදුරගෙන ඒව hack කරන්න.

දැන් ඉතින් හැමෝම බලන් ඇති මම Hack කරන හැටි කියල දෙනකම්. ඒත් ඉතින් මේ blog එකේදි නම් මම Kali Linux ගැන කියල දෙන්න යන්නෙ නෑ. ඒ මම දන්නෙ නැති හින්ද නෙවෙයි. මොකද මම දැනටමත් Kali Linux ගැන Blog එකක් පටන් අරන් තියෙන නිසා. තවම පටන් ගත්ත ගමන් නිසා වැඩිය දේවල් නෑ. ඒත් ඉතින් post 4ක් 5ක් තියෙනව. ගොඩක් වැදගත් වෙයි ඒ ටික.

 තවත් ඉතින් ඕනෙ තරම් blog, website තියෙනව kali linux ගැන ලියපු. ඒත් ඉතින් සිංහල ඒවනම් ඇත්තෙ නෑ. තියෙන ඒවවලත් කිසිම දෙයක් නෑ Install කරගන්න හැටියි Wifi Hack කරන හැටියි වලට වඩා. මම නම් ඉතින් එහෙම අතරමග නවත්තන්නෙ නෑ. දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.
මමත් ඉගෙනගත්තෙ ඔය යට තියෙන තුනෙන් තමයි. ගොඩක්ම හොඳ Website ටිකක්. මගෙ එක නැතත් ඒ ටික බලන්න. ගොඩක් දේවල් තියෙනව.

එහෙනම් ඔන්න මම ගියා. Kali Linux ගැන පොඩි ආසාවක් ඇති වුනානම් අදම ගිහින් මගේ Blog එකෙන් සිංහලෙන්ම ඉගෙනගන්න පටන් ගන්න. හැබැයි ඉතින් එක පාරටම Wifi Hack කරන එකටයි Facebook Hack කරන එකටයි පනින්න එපා. මුල ඉදන්ම කියවන්න.

                                         හැමෝටම එහෙනම් සුබ දවසක් !
                                                      

Comments

Popular posts from this blog

facebook photo like වැඩි කරගමු

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....