Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?
එහෙනම් මම ඔන්න ආයෙත් ආව. හැබැයි ඉතින් හිස් අතින් එහෙම නෙවෙයි. හුගක් කට්ටිය වැඩිය දන්නෙ නැති පොඩි trick එකකුත් එක්ක. මම මගේ කලින් post එකේදි කිවුව මේ game එක ගහන්නෙ කොහොමද කියල.
දැන් අපි කරන්න ආපු වැඩේට බහිමු. මුලින්ම අර dinosaur ඉන්න window එකට යන්නකො. ඒකට ගියාට පස්සෙ Ctrl+Shift+J ඔබන්න.
දැන් Javascript Console එකක් open වෙයි. ඒකෙ මම මේ දීල තියෙන code එක ඒ විදිහටම Console එකේ type කරන්න.
Runner.prototype.gameOver = function(){console.log("hi")}
හරි, දැන් Enter ඔබන්නකො. ඊට පස්සෙ mouse එක අර dinosaur ඉන්න තැනට අරන් ගිහින් spacebar එක ඔබන්න. දැන් ඉතින් වැඩේ හරි! ඔයාට තියෙන්නෙ නිකන් බලන් ඉන්න විතරයි. හැබැයි ඉතින් ඔයාට mouse එක අර dinosaur එන්න කොටසෙ තියාගන්න වෙනව. Dinosaur ගෙ උඩම තියාගෙන ඉන්න එහෙම නෑ හොදේ.
මේකෙන් වෙන්නෙ අපේ dinosaur යාලුව පතොක් ගහක, කුරුල්ලෙක් තියා පරමාණු බෝම්බෙක වැදුනත් මොකුත් වෙන්නෙ නම් නැ. ඔහේ යනව. ඔයාට තියෙන්නෙ බලන් ඉන්න විතරයි. මොනා උනත් ඒක නම් එපා වෙන වැඩක්. කැමතිනම් ඉතින් පැය බාගයක් විතර තියල score එකේ screenshot එකක් ගහල අනිත් කට්ටියට පෙන්නන්කො....!
හෙටත් ඉතින් මේ වගේ post එකක් අරගෙන මම එන්නංකො. ඔයාලගෙ යාලුවන්ටත් මගේ මේ blog එක ගැන කියන්න කියල ඉතින් මම ආයෙත් ඉල්ලනව. කට්ටියටම සුබ දවසක් එහෙනම් !👋
Comments