තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ....

1.) තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ.....

අපේ කොල්ලන්ටනම් හාඩ් එක අස්සේ අම්බානක හංගන්ඩ දේවල් තියනවලුනේ. යාළුවන්ගෙන් හංගන්ඩ ඒවා...කෑල්ලගෙන් හංගන්ඩ ඕනි එව්වා..සමහර අයට කෑලි වලින් හංගන්ඩ ඕනි එව්වා. එව්වා මෙව්වා හංගන්ඩ ඉතින් ඕනි තරම් Folder lock කරන Softwareත් තියනවලුනේ බා ගන්න. ඒ ඔක්කොම පැත්තකින් තියලා මම මේ කියන්න යන්නේ තමන්ගෙම කියලා Folder lock කරන Software එකක් හදාගන්න හැටි. කාගෙන්වත් බා ගන්නෙ නැතුව තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක්.
හරි වැඩිය කතා නැතුව කොරන හැටි බලලම ඉම්මුකෝ......

1-පියවර :-

 Note Pad එක Open කර ගන්න..
2-පියවර :-
ඔය පහල තියන Code එක එහෙම්පිටින්ම copy කරගෙන Note pad එකට past කර ගන්න.
cls 
@ECHO OFF 
title tharugelokaya Folder Locker 
echo Press t to Visit tharugelokaya.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK 
if NOT EXIST Locker goto tharugelokaya
:CONFIRM 
echo Are you sure to Lock this folder? (Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
if %cho%==t goto tnl
if %cho%==T goto tnl
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to Unlock Your Secure Folder 
set/p "pass=>" 
if %pass%==t goto tnl
if %pass%==T goto tnl
if NOT %pass%== gnb goto FAIL 
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:tharugelokaya
md Locker 
echo Locker created successfully 
goto End 
:tnl
start chrome.exe http://tharugelokaya.blogspot.com
:End 

3-පියවර :- 
හි දැන් ඔය රතු පාටින් 'gnb' කියලා තියෙන්නේ...එතනට ඔයාලට කැමති Password එකක් දෙන්න. ඒ වගේම ඒක හොඳට මතක තියා ගන්න මොකද ඒක තමයි ඔයාලගේ Folder Locker එකේ Password එක. 
4-පියවර :-
හරි දැන් අන්තිම ජුන්ඩ...දැන් ඕකේ Save as ගිහින් කැමති නමක් දීලා අන්තිමට .bat කියලා දීලා   Save කරන්න. 
5-පියවර :-
හරි දැන් ගොඩක් දුරට හරි..දැන් ඔයා ඕක Double Click කලාම Command prompt එක Open වෙලා ඔයාගෙන් අහයි Password එක Enter කරන්න කියලා. එතකොට ඔයා අර දීපු Password එක දීලා Enter කරන්න. දැන් එතකොට පෙනෙයි ඔයා මේ File එක Save කල නමින්ම Folder එකක් Create වෙලා තියනවා. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාට හංගන්න ඕනි අරවා මෙව්වා ඔක්කෝම දේවල් අර Folder එක ඇතුලට දාන්න. දාලා ඉවර වෙලා ආයිත් අර .bat File එක Double Click කරන්න. එතකොටත් Command prompt එක Open වෙයි. හැබැයි ඉස්සෙල්ලා වගේ  Password එක Type කියලා නෙවෙයි Are you sure to lock this folder?(Y/N) කියලා අහයි. 'Y'  Type කරලා Enter කරන්න. එතකොට අර දෙවනියට හැදුනු Folder එක නොපෙනී යයි. එක සැරේම නොපෙනී ගියෙ නැත්නම් නිකන් Hidden උනා වගේ වෙයි. එක සැරයක් Refresh කල ගමන් ඒක අන්තරස්දාන වෙයි. ඒක අස්සේ තිබ්බ අර ඔයාගේ අරවා මෙව්වත් නැති වෙයි. ආයිත් එව්වා ඕනි නම් අර මුලින් කලා වගේ .bat File එක Open කරලා Password දුන්නම බඩු වැඩ.
6-පියවර :-
 දැන් නිකන් .bat File එකක් තියාගන්න බෑ බෑ වගේද..එහෙනම් යන්න Google දෙයියන්නාන්සේ ගාවට.  Search කරන්න bat to exe converter කියලා. ඕනි තරම් Result එයි කැමති එකක් බාගෙන මේ .bat File එක .exe එකක් කරගන්න. කැමති Icon  එකක් දීලා..කැමති නමක් දීලා කැමති එකක් කරගන්න. කරගෙනම බලන්නකෝ . 
කම්මැලියි වගේනම් ඔන්න මම හදපු එකක් ඇති බාගෙන වැඩද බලන්න. ඕකේ Password එක 'tharu'. ඔයිකේ.

ඔන්න බා ගන්න

තව එකක්. මම ඕකේ t press කලොත් මගේ බ්ලොග් එකට එන්න හදලා ඇත්තේ. කැමති කෙනෙක් කැමති address එකක් එතනට දාගත්තට කමක් නෑ හරිය. ඈස් යූ විස්... :)

Comments

Popular posts from this blog

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම

facebook photo like වැඩි කරගමු

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....