3G, HSDPA හා HSUPA ගැන දැනගමු....
අද මම කියන්න යන්නෙ අන්තර්ජංජාලයේ සැරි සරන ඔයාලගේ කනෙක්ෂන් ටෙක්නොලොජි එක ගැනයි.සමහර අයනම් මේ ගැන දන්නව ඇති.ඒත් නොදන්න අයත් ඇතිනෙ ඒ අයට දැනගන්න මම කියන්නම්කෝ.සමහර අය 3G, HSDPA, HSUPA ගැන පටලවාගෙනයි ඉන්නෙ.අපි බලමු මේ මොනවද කියල.
3G
3G
3G යනු (3G- 3rd Generation) යන්නයි. 3G කියන්නේ දත්ත වේගය 384kbps වන 3වන පරම්පරාවේ දත්ත සේවයක්. එනමි තුන්වන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි. එහිදී දුරනථනය ඹස්සේ අප අමතන අනෙක් පුද්ගලයාගේ රූපය අපට දැකගත හැකිය. එහි 3.5 පරම්පරාව තමයි HSDPA කියන්නේ. HSDPAවලදී 14.4mbps දක්වා download වේගය ගත හැක. ජංගම දුරකතන තාක්ෂණයේ නවතම පෙරැළිය වන 3G (3G- 3rd Generation) තාක්ෂණය නැතහොත් තුන්වන පරම්පරාවේ ජංගම දුරකතන තාක්ෂණය මේ වන විට ලංකාව තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතී. 3G යන චචනය සේම එම තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා නොදන්නා බව කරුණු විමැසීමේදී හෙළි වී ඇත. පළමුවන පරම්පරාව පැවැති දුර්වලතා මගහරවා ගනිමින් ඩිජිටල් තාක්ෂණය සමඟින් දෙවැනි පරම්පරාව (2 G-2nd Generation)කරළියට පැමිණියේ ජී.එස්.එම්. තාක්ෂණය සමඟිනි. නමුත්තොරතුරු තාක්ෂණය හා තරඟ කිරීමට අවශ්‍ය විශාල සහ වේගවත් දත්ත හුවමාරුව 2G තාක්ෂණයේ නොවීය. මේ සඳහා කෙරුණු පර්යේෂණවල ප්ර්රතිඵලයක් ලෙස 3G තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේය.
HSDPA
HSDPA යනු High-Speed Downlink Packet Access යන්නයි. මෙහි තාක්ෂණික පැත්ත නම් අපිට වේගයෙන් download කිරීමට ඉඩ සලසා දෙන තාක්ෂණයක්, නමුත් upload කිරීමේදී ඉහත download කිරීමට සාපේක්ෂව වේගය අඩුයි. ලංකාවේ දැනට 7.2mbps ඉක්මවා ගොසින් 14.4mbps ක දත්ත පරාසයක් තත්පරයකදී ලබාදීමටත් අන්තර්ජාල සේවා සපයන්නන් අදහස් කරගෙන තිබෙනවා. ඒත් අපිට තාම 7.2mbpsතියා 3.6mbps වේගයක්වත් මේ පුලුල් පරාස ඉන්ටර්නෙට් හරහා ලැබෙනවාදැයි සැකසහිතයි. කොහොමත් ADSLහෝ WiMax තරම් HSDPA ස්ථාවර නෑ කියන එකයි අන්තිමට කියන්න තියෙන්නේ.
HSUPA
HSUPA කියන්නේ High-Speed Uplink Packet Access යන්නයි. HSDPA වල upload වේගය වැඩි කරන ක්‍රමයක්. සමහර අය මේක වරද්දලා HSDAP කියලා ටෙක්නොලොජි එකක් ගැන කියනවා. නමුත්HSDAP කියලා එකක් නෑ, HSUPA මිස.
Comments