Control Panel එක පිටුපස files සැගවීම.

files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එකඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකොඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.

01 පියවර :-  මුලිනම Open කරගන්න Notepad එක.
02 පියවර:-  ඊටපස්සෙ මේ දීලා තියන code එක copy කරගෙන  Notepad එකට paste කරන්නමතක් කරලා මේකෙ  softwaresaralawa  කියලා රතු පටින් දාලා තියන තැනට හංගන්න ඕන folder එකේ නම යොදන්න.

ren softwaresaralawa softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}
03 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට Lock.bat ලෙස යොදා  Save කරන්න.

04 පියවර :- ආයෙ Open කරගන්න Notepad එකක් දැන් ඒකට මේ code එක paste කරන්න මේකෙත් මතක ඇතුව softwaresaralawa කියන තැනට folder එකේ  name එක දෙන්න.
ren softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} softwaresaralawa

05 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට  key.bat ලෙස යොදා  Save කරන්න.

06 පියවර :- හරි එහෙනම් දැන් මම කියපු ටික  පිලිවලටම කරන්න ඇතිනෙ එහෙනම් දැන් අර හංගන්න ඕන Folder එක තියනතැනටම ඔය Save කරගත්ත Lock.bat සහ key.bat කියන bat file දෙක paste කරගන්න.(මේකට අනුවනම් හංගන්න ඕනා folder එකෙ name එක වෙන්න ඕනා softwaresaralawa නමුත් ඔයාල  වෙනුවට දාපු නමින් තමා folder එක තියෙන්න ඕනා.)

06 පියවර:- දැන් හරිඑහෙනම් දැන් folder එක හංගගන්න වැඩේ ලෑස්තියි දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන එක උඩdouble click කරන්න දැන් අර folder එකේ icon එක මාරු වෙනවා Control Panel එකේ icon එක විදියට දැන්  Folder එකOpen කරලා බලන්න Open වෙන්නෙ නෑ  Open වෙන්නෙ Control Panel එක දැන් හොයන්න බෑ එතන තියෙන්නෙ  folder එකක්කියලා.

07 පියවර :-  ආආආ…. කෝ දැන් Folder එක ඒක කොහොමද ආයෙ ගන්නෙ?. බයවෙන්න එපා ඒක ආයෙ ඕනනම් අර key.batකියන එක උඩ double click කරන්න දැන් අර folder ආයෙ බලන්න පුලුවන්.

බලල ඉවර වෙලා මතක් කරලා අයෙ අර Lock.bat කියන එකෙන් lock කරල යන්න. ඔය bat file දෙක ඔතන තියන්න එපා මොකදඑතකොට වෙන කෙනෙක්ට පුලුවන්නෙ ඔය folder එක බලන්න  නිසා ඔතනින් Lock.bat සහ key.bat යන දෙක මකලා දාන්නආයෙ ඕන වෙන වෙලාවට එතනට දාගන්න.

Comments

Popular posts from this blog

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම

facebook photo like වැඩි කරගමු

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....