PS/2 to USB adapter එකක්
අදත් පෝස්ටුවක් දාන්න හිතුවා. ඔයාලට මතකද මේ වෙද්දි Key board ඇවිත් තියෙන Key board connectors මොනවද කියලා. මුලින්ම ආවේ AT keyboard connector එක. ඊට පස්සේ PS/2 හා අවසානයට USB ඇවිත් තියෙනවා මේ වෙද්දි. මේ PS/2 කියන වදන බිදිලා ආවෙ කොහොමද කොහෙන්ද කිවොත් 1987 දී මුලින්ම IBM පරිගණක සමාගම තමන්ගේ IBM Personal System/2 කියන series එක ආරම්භ කරද්දි මෙයට යෙදුන නම තමයි Short form එකක් ලෙසින් තවමත් අපි භාවිතා කරන්නේ. ඊටත් කලින් අපි "serial mouse" connector කියල හදුන්වන DE-9 සහ RS-232 කියන කනෙක්ටර්ස් භාවිතයේ පැවතිලා තියෙනවා. මතකද අර දිග පටියක් වගේ එකක පින්ස් ගොඩක් තියෙන්නේ. අන්න ඒවා. ඒවයින් පස්සේ DIN connector එක ඇවිත් ඊටත් පස්සෙයි මේ PS/2 කියන එක ආවේ. Mini-DIN connector යනුවෙනුත් හදුන්වන මෙය පරිගණකයට යතුරැපුවරැ හා මවුස සම්බන්ධ කිරිමට Input/Output උපාංගයක් හැටියටයි යොදාගන්නේ.එහෙත් මේවා Plug and play devices ගනයට වැටෙන්නේ නැහැ. PS/2 to USB a...